රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (24) නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බව කියන ක්‍රිෂාන්ත ප්‍රදීප් සිල්වා නමැත්තා.
සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් වන නියෝගය සලකා බැලීම එදිනට (03) සිදු කරන බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සැකකරු තමන් දැරූ තනතුරට අදාලව ඉන්ධන සහ ප්‍රවාහන දීමනා ලබාගන්නා අතරතුර, ඊට පරිබාහිරව කුලී පදනම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු වාහන හතරක් (04) අවභාවිත කර ඇති බවයි.
එමගින් ඔහු රුපියල් දොළොස් ලක්ෂ හැට පන්දහසකට අධික රාජ්‍ය මුදලක් අවභාවිත කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව, ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත ප්‍රකාරව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා කොඳු ඇට පෙළ ආශ්රිත ස්නායු රෝගයකින් පෙළෙන බවයි.
එසේම මෙම සිද්ධියට අදාල විමර්ශන වසර දහයකට අධික කාලයක් තිස්සේ පවතින බැවින් සැකකරු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වුවද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප ලබාදීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන 03 වැනිදා ප්‍රකාශයට පත් කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
Latest News
රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබයි
Local
24 June 2026
රිය අනතුරුවලින් පදිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
24 June 2026
අතුරුදන් වූ තරුණියක සෙවීමට පොලිසිය මහජන සහය පතයි
Local
24 June 2026
තෙල්දෙණියේ භෞතචිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්
Local
24 June 2026
විමල්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
Local
24 June 2026
භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් යාපනයේදී කොටු වූ සැකකාර පෙම්වතාට ආධාර දුන් රියැදුරෙක් අත්අඩංගුවට
Local
24 June 2026
HelaGo මාස 5ක් තුළ කිලෝමීටර මිලියනයක කඩයිම පසුකරයි
Local
24 June 2026
ග්‍රාම නිලධාරින් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 June 2026
ඩෙංගු මාරයාට බිලි වූ රුහුණේ සරසවි සිසුවිය: "නොමැරි හිටියොත් එන්නම්" කියා මිතුරියකට එවූ අවසන් පණිවුඩය
Local
24 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.06ක් ලෙස සටහන් වෙයි
Local
24 June 2026