යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් භෞතචිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන සැකකාර පෙම්වතා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.
ඒ, පොලිස් භාරයට ගත් සැකකරුගේ බිරිඳ සහ කුඩා දරුවා ද සමගින්.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු සැකකරු අද අළුයම අත්අඩංගුවට ගනු ලැබුවේ චාවකච්චේරිය - කයිතඩි ප්රදේශයේදීයි.
මෙහිදී සැකකරු බස් රථයකින් පැමිණෙමින් සිටින බව වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත දැනුම් දී තිබුණා.
ඒ අනුව, බස් රථ පරීක්ෂා කිරීමට එම කාර්යාංශය කටයුතු කළ අවස්ථාවේදී කන්කසන්තුරය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි සැකකරු ඇගේ බිරිඳ සහ දරුවා පොලිස් භාරයට ගැණුනා.
මොවුන් ඉන්දියාවට පලා යෑමට සූදානම්ව සිටි බවටයි පොලිසිය සැකකරන්නේ.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු මුව ආවරණයක් සහ හිස් ආවරණයක් පැලඳ දමිළ ජාතිකයෙකු ලෙසත් ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙසත් වෙස්වලාගෙන සිටි බවයි.
එසේම, කාන්තාව සතුව තිබී හැඳුනුම්පතක් ද සොයාගෙන තිබෙනවා.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ අනෙක් දරුවන් දෙදෙනා බලා, පොලීසියට භාරවීමට සිටි බවයි. පසුව විමර්ශන නිලධාරින් හමුවේ සැකකරු පාපොච්ඡාරණයක් ද සිදුකර තිබෙනවා.
සැකකරුගේ දියණියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 21 වන දින පියා විසින් තමාව සහ සහෝදරයා මිත්තණියගේ නිවසේ දමා ගිය බවයි.
සැකකරු භෞතචිකිත්සකවරිය මිය යෑමෙන් පසු දින කිහිපයේ මීගමුව, හලාවත යන ප්‍රදේශවල සිට ඇති අතර එහිදීද ඔහු වෙස් වලාගෙනයි සිට ඇත්තේ. දින කිහිපයක් යාපනය ප්‍රදේශයේ රැදී සිටීමට දමිළ භාෂාවද පුහුණු වී තිබෙනවා. ඒ ඔහු දමිළ ජාතිකයෙක් බව හැඟවීම සඳහායි.
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී 33 හැවිරිදි අදාළ තරුණියගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 17 වනදායි. පසුව ඇය වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට අනාවරණය වුණා.
මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශනවලදී මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය, කඩුවෙල හා හොරණ යන අධිකරණවල නඩු පවතින බවට අනාවරණය වී තිබෙනවා.
ඊට විවාහ වන බවට පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ද නඩු පවතින බවටයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. මීට අමතරව, විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා සහ විදේශගත කරන බවට පවසා මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ලවී ඇති බව පොලිසිය සඳහන් කළා.
සැකකරු තට්ටය සහිත පුද්ගලයෙක් වන අතර මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනාවරණය වුණේ.
එසේම මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බවට වාර්තා පළවුව ද එය අසත්‍යක් බව හෙළි වුණා.
අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය පොලිසියට භාර දීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

Latest News
බෝ නොවන රෝග පාලනයට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය ලබාගැනීමට නව වැඩසටහනක්
Local
24 June 2026
රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබයි
Local
24 June 2026
රිය අනතුරුවලින් පදිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
24 June 2026
අතුරුදන් වූ තරුණියක සෙවීමට පොලිසිය මහජන සහය පතයි
Local
24 June 2026
තෙල්දෙණියේ භෞතචිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්
Local
24 June 2026
විමල්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
Local
24 June 2026
භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් යාපනයේදී කොටු වූ සැකකාර පෙම්වතාට ආධාර දුන් රියැදුරෙක් අත්අඩංගුවට
Local
24 June 2026
HelaGo මාස 5ක් තුළ කිලෝමීටර මිලියනයක කඩයිම පසුකරයි
Local
24 June 2026
ග්‍රාම නිලධාරින් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 June 2026
ඩෙංගු මාරයාට බිලි වූ රුහුණේ සරසවි සිසුවිය: "නොමැරි හිටියොත් එන්නම්" කියා මිතුරියකට එවූ අවසන් පණිවුඩය
Local
24 June 2026