General24 June 2026

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය - 2025 (2026) වර්ෂයේ සහතික පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර නිකුත් කරනු ලබන්නේ මාර්ගගත ක්‍රමයට (Online) පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ- දන්වා සිටින්නේ.

එබැවින්, සහතික පත්‍ර ලබා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසයි විභාග කොමසාරිස්වරිය සියලුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes