පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දොළහක් (12) අනිද්දා (26) සිට ලබන ජූලි මස 02 වැනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
පොසොන් සතිය තුළ අනුරාධපුරයට පැමිණෙන මහා ජනතාවගේ සහ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කැඳවන පොලිස් නිලධාරීන්ගේ තාවකාලික නවාතැන් පහසුකම් සලසා දීම සඳහා මෙම පාසල් මෙලෙස වසා තැබෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරනවා.
මේ පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලිඛිතව අනුමැතිය ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකාව, විවේකානන්ද, වලිසිංහ හරිශ්චනද්‍ර, මහා බෝධි, දේවානම්පියතිස්ස , නිවන්තක චේතිය සහ තන්තිරිමලය විමල ඤාණ විද්‍යාලය යන පාසල් මෙන්ම ගලෙන් බිඳුණු වැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලයේ මහා විදුහල, කම්මලක්කුලම විද්‍යාලය සහ මිහින්තලය කනිෂ්ඨ විද්‍යාලයද මේ සතිය පුරා වසා තැබේ.
මේ අතර, පොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුර, තන්තිරිමලය සහ මිහින්තලය යන පූජා භූමි ආශ්රිත ප්‍රදේශවල පිහිටි සියලුම සුරාසල් සතියක කාලයක් වසා තැබීමට පියවර ගෙන ඇත.
එමෙන්ම, උත්සව සමය තුළ දිස්ත්‍රික්කය පුරා පිහිටි සියලුම මස්කඩ සහ මාළු අලෙවිසල් ද වසා තැබීමට කටයුතු යොදා ඇති බව පොසොන් කමිටුව නිවේදනය කර සිටී.
Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026