අයුතු අවහිරය, පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 28 වනදා දක්වා කල් තැබීමට බදුල්ල මහාධිකරණය අද (28) නියෝග කළා.
මෙම නඩුව බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ රියැදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා අදාළ චෝදනා හතරටම වැරදිකරුවන් බවට තීරණය කර තිබුණා.
එමෙන්ම ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක නමැති විත්තිකරු චෝදනා තුනකට වැරදිකරු බවටද විනිසුරුවරයා තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම විත්තිකරුවන් අතරින් රියදුරු බන්දුල රත්නායක නමැති අය මේ වන විට මියගොස් ඇති බවද අද (25) නඩු විභාගයේදී අනාවරණය වුණා.
නඩු විභාගයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, 2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල් වී ඇතැයි සඳහන්.
තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මඟ හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජනය කර පහරදී තුවාල සිදු කර ඇති බව පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.
Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි
Local
25 June 2026
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට
Local
25 June 2026
2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
Local
25 June 2026
5,000ක අල්ලසක් ගත්තැයි ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් සහ කම්කරුවෙක් දැලේ
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
Local
25 June 2026