සකළ ලෝකවාසී සහ ශ්‍රී ලංකාවාසී සැදැහැති බෞද්ධ ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන පොසොන් පොහොය නිමිත් කර ගෙන සුබාශිංසන පණිවිඩයක් යොමු කිරීමට ලැබීම උතුම් භාග්‍යයක් සේ සලකන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂනායකවරයා මේ පිළිබඳව පවසා සිටියේ පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින්.
එහිදී විපක්ෂනායකවරයා තැබූ පොසොන් පණිවිඩය පහතින්.
''සැම හදවත් තුළ වෛරය වෙනුවට මෛත්‍රියත් අසාධාරණය වෙනුවට යුක්තියත් ජනිත වේවා
සකළ ලෝකවාසී සහ ශ්‍රී ලංකාවාසී සැදැහැති බෞද්ධ ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන පොසොන් පොහොය නිමිත් කර ගෙන සුබාශිංසන පණිවිඩයක් යොමු කිරීමට ලැබීම උතුම් භාග්‍යයක් සේ සලකමි.
පොසොන් පොහොය යනු ශ්‍රී ලාංකේය ආධ්‍යාත්මික ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුවහන් කරන පොහොයක් ලෙස හැඳින්විය හැකිය. මිහිදු මහරහතන් වහන්සේ විසින් අතිඋතුම් බුදුදහම ශ්‍රී ලංකා ද්වීපයට දායද කළා වූ උතුම් පුන්‍ය දිනයක් ලෙස හැඳින්වෙන පොසොන් පොහොය යනු හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව මිනිසාගේ සිත, සමාජය සහ රාජ්‍යය යහපත් මඟකට යොමු කළ අධ්‍යාත්මික විප්ලවයක සංකේතයක් ලෙස ද හැඳින්විය හැකිය.
මිහිදු මහරහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා අතර එදා සිදු වූ ඒ ඓතිහාසික සාකච්ඡාව අපට උගන්වන්නේ බලය හෝ ධනය මත නොව ප්‍රඥාව, සංවාදය සහ අවබෝධය මත සමාජයක සැබෑ දියුණුව ගොඩනැඟෙන බව යි. එම දහම් පණිවිඩය එදා මෙන්ම අද ද අපේ රටට වැදගත් වේ. අභියෝග රැසක් හමුවේ තෙරපී සිටින අපේ රටේ ජනතාවට අවශ්‍ය වන්නේ බෙදී වෙන්වීම නොව එකමුතුකම යි. වෛරය නොව මෛත්‍රිය යි. අසාධාරණය නොව යුක්තිය යි. බුදුදහමේ හරය වන කරුණාව, දයාව, සමානාත්මතාව සහ සත්‍යගරුකභාවය අපගේ පෞද්ගලික ජීවිතවල මෙන් ම ජාතික ගමන්මඟේ ද මූලික වටිනාකම් බවට පත් කර ගැනීමට මෙම පුණ්‍ය දිනයේ අප සැම අදිටන් කර ගත යුතුය.
විවිධ ආගම්, ජාතීන් සහ සංස්කෘතීන් නියෝජනය කරන ජනතාවක් ලෙස අප සියලු දෙනා එක ම රටක දරුවන් බව සිහිපත් කරමින් අන්‍යෝන්‍ය ගෞරවය, සහජීවනය සහ මානුෂීයත්වය පදනම් කර ගත් සාධාරණ හා සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අදිටන් කරගත යුතුය. පොසොන් සදෙන් ඒකාලෝක වන අද දින සැම හදවත් තුළ වෛරය වෙනුවට මෛත්‍රියත් අසාධාරණය වෙනුවට යුක්තියත් ජනිත වේවා යන්න මාගේ ප්‍රාර්ථනයයි.''

Latest News
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026
දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරයි : PHIගේ සංගමය
Local
29 June 2026
වැල්ලවායේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ
Local
29 June 2026
වන්දනාවේ පැමිණි වාහන 03ක් තිරප්පනේ දී අනතුරක
Local
29 June 2026
''සැම හදවත් තුළ වෛරය වෙනුවට මෛත්‍රියත් අසාධාරණය වෙනුවට යුක්තියත් ජනිත වේවා!''
Local
29 June 2026
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
Local
29 June 2026
''අද වන විට අපේ රට නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබේ, මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ, සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් ද අපට අවශ්‍යයි'' - අගමැතිනියගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
''නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු'' ජනපතිගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026