General29 June 2026

දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරයි : PHIගේ සංගමය

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති කේ.ඒ.පී.බොරලැස්ස මහතා පවසා සිටියේ ඒ අනුව දන්සල් 18,412ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බවය.

අද සහ හෙට පවත්වනු ලබන මෙම දන්සැල් පරීක්ෂා කිරීමට නියමිත අතර පොසොන් කලාප ආශ්‍රිතව ඇති වෙළෙඳසැල් සහ තාවකාලික පොසොන් වෙළෙඳසැල්ද පොසොන් සතිය පුරා පරීක්ෂාවට ලක් කිරීමටද නියමිත ද එහිදී පවසා සිටියා.

දන්සැල්වල ආහාර පාන ලබාදීමේදී ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයින්ගෙන්ද ඉල්ලීමක් කළා.එහිදී උණුසුම් සහ සිසිල් ආහාර පොලිතින් තුළ ගබඩා කිරීම ඉතාමත් අවදානම් බවත් මේ සම්බන්ධව වැඩි අවධානයක් ගෙන කටයුතු කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයින් වෙත දැනුම්දී තිබෙනවා.

පාන වර්ග ලබා දීමේදී භාවිත කරන ප්ලාස්ටික් අවිධිමත් ආකාරයට බැහැර කිරීම් සිදුවන බවත් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඉවත දමන එම සියලු ප්ලාස්ටික් නිසි පරිදි බැහැර කිරීම් කටයුතු කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.
එමෙන්ම මේ වන විට අධි වසංගත තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝගී තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා
Related recommendation
Hiru TV News | Programmes