International30 June 2026

ජර්මනියේ වෙඩි තැබීමකින් 6ක් මරුට

ජර්මනියේ මව්වරුන් සහ දරුවන් සඳහා වන මධ්‍යස්ථානයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති බව ජර්මානු පොලිසිය සඳහන් කරනවා.

මියගිය පිරිස අතර කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු වන අතර, ඔවුන් මෙම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් බවයි බිබීසී පුවත් සේවය සඳහන් කරන්නේ.

එසේම තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ද මෙයින් තුවාල ලබා ඇති බව සඳහන්.

වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මහජනතාවට තවදුරටත් කිසිදු තර්ජනයක් නොමැති බවයි නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

මෙම වෙඩි තැබීම පවුල් ආරවුලක් හේතුවෙන් සිදු කරන ලද්දක් බව පෙනී යන්නේ යැයි ලෝවර් සැක්සනි (Lower Saxony) ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩැනියෙලා බෙහ්රන්ස් (Daniela Behrens) ප්‍රකාශ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes