General30 June 2026

අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ

රුපියල් 80000කට ආසන්න මුදලක් විදුලි බල ආයතනය වෙත නොගෙවීම මත අළුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්දි කිරිමට පියවර ගෙන තිබෙනවා.

දිගින් දිගටම මෙසේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන දෝෂ නිසා මීට පෙර ද දුම්රිය ස්ථානවල දුරකථන සම්බන්ධතා විසන්දි කළ අතර විදුලිය ද විසන්ධි වීම් ද වාර්තා වීම හරහා දුම්රිය ස්ථානවල නිවේදන කටයුතු සිදු කිරීමට නොහැකිවීම මත මගී ජනතාව ද අපහාසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes