පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැකසහිත භාණ්ඩ කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් (19) වැනිදා ශ්‍රීපුර පොලිස් වසමට අයත් ජයන්තිවැව, පදවි ශ්‍රීපුර ලිපිනයේ පිහිටි නිවෙසක සිදු කළ වැටලීමකදී 54 වියැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී සැකකරු සඟවා තබාගෙන සිටි පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක සහිත කුඩා සෙම්බුවක්, කපා ඔප දමන ලද විනිවිද පෙනෙන ගලක්, මැණික් බවට සැක සහිත අළු පැහැති ගලක්, මැණික් බවට සැක සහිත දුඹුරු පැහැති ගලක් සහ විනිවිද පෙනෙන ගල් කැබලි 09ක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තම නිවෙසේ වැසිකිළි වළක් කැපීමේදී හමු වූ ගලක් වැනි පාෂාණයක් කැඩූ බවත්, එම පාෂාණය ඇතුළත තිබී මෙම භාණ්ඩ හමු වූ බවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශ්‍රීපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ශ්‍රීපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Latest News
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ
Local
30 June 2026
දයාසිරි ජයසේකරගේ අභියාචනයක් සැප්තැම්බර් 18 වැනිදා කැඳවෙයි
Local
30 June 2026
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳි රැඳවියක් අසනීප වී මරුට
Local
30 June 2026
පෙට්‍රල් මිල අඩුවුවත් ත්‍රී රෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ
Local
30 June 2026
වැසිකිළි වළක් කපද්දී හමු වූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ සඟවා තබාගත් අයෙක් STF දැලේ
Local
30 June 2026
අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ
Local
30 June 2026
වසර 128 කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට යළිත් ක්‍රිකට්
Local
30 June 2026
පුද්ගලයන් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් යළිත් රිමාන්ඩ්
Local
30 June 2026
රුපියල පුංචි හුස්මක් ගනී - ඩොලරය අද රු. 341.30ට බහී: 26 වැනිදා රු. 341.87ක්
Local
30 June 2026
පිලිපීන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් චීනයට වාග් ප්‍රහාරයක්
Local
30 June 2026