ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ රියල් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස පත් කර තිබෙනවා
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ භාරදෙනු ලැබුවා.
ජූලි 01 වන දා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ ජූලි 01 වන දා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.
වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ ඩේමියන් ප්‍රනාන්දු 1991 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීම යටතේ විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වූ අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික නාවික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1993 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වුණා.
වසර 35ක විශිෂ්ට නාවික සේවා දිවිය තුළ දෙස් විදෙස් විවිධ වෘත්තීය හා විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රණශූර, උත්තම සේවා යන පදක්කම්වලින් මෙන්ම සිය වෘත්තීමය දක්ෂතාව, කාර්යක්ෂමතාව සහ කැපීපෙනෙන සේවා දායකත්වය අගයමින්, විවිධ අවස්ථා හයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු විසින් ප්රශංසාත්මක ලිපි පිරිනමා සේවය ඇගයීමට ලක් කර තිබෙනවා.

Latest News
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026
ඩෙංගු තොරතුරු සහ පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්
Local
30 June 2026
ඕස්ට්‍රේලියානු හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයිසස් හෙන්රික්ස් විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කරයි
Local
30 June 2026
ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියාගේ මුත්‍රා සාම්පලවල මත්ද්‍රව්‍ය: මරණය ගැන විවෘත තීන්දුවක්
Local
30 June 2026
නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ
Local
30 June 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
Local
30 June 2026
උද්ධමනය මැයි 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා ඉහළට
Local
30 June 2026
පළාත් රැසකට තද සුළං
Local
30 June 2026
මිස්ට කොත්තුට ඇප
Local
30 June 2026