General01 July 2026

"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා භාරගත්තේ බංකොලොත් භාණ්ඩාගාරයක් මිස මැජික් පොල්ලක් නොවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ, අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

"අපි ආණ්ඩුව අරගෙන අවුරුදු දෙකක් ඔන්න මෙන්න. ඒ අවුරුදු දෙක ඇතුළේ අපට බනිනවා, බනිනවා. ඉතින් මොකද කරන්නේ නේ. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාම මැජික් පොල්ලක් දුන්නේ නෑ අතට.

අපේ ආණ්ඩුවට දුන්නේ බංකොලොත් වෙච්චි භාණ්ඩාගාරයක්. වාහනයක් ගේන්න බෑ. පොහොර ටික ගේන්න බෑ. තෙල් ටික ගේන්න බෑ. රටේ සංවර්ධනය ඇන හිටලා තිබුණේ. එහෙම තිබුණු රටක්" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes