General01 July 2026

''තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක'' - ජාතික ඩෙංගු මර්දන ඒකකය

ගෙවුණු පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1217 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එම ප්‍රමාණය 52.51%ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ.

තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

අද වන විට දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55406ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඩෙංගු මරණ සංඛ්‍යාව ද 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ පාලනය අපේක්ෂා කළ මට්ටමට පැමිණ නොමැතිමෙන් ඉදිරියේදී රෝහල් පද්ධතියට බලපෑම්ඉ එල්ලවීමේ හැකියාවක් පවතින බවයි.

වසරේ මේ දක්වා දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55406ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඩෙංගු මරණ සංඛ්‍යාව ද 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes