බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වූ හොරණ දිස්ත්‍රික් මහ රෝහල, එහි සියලුම භෞතික හා මූල්‍ය වත්කම් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල (කැබිනට්) අනුමැතිය හිමිව තිබෙනවා.
මූලික රෝහලක් ලෙස පැවැති හොරණ රෝහල ඉකුත් 2022 ජූනි මස 03 වන දින දිස්ත්‍රික් මහ රෝහලක් දක්වා උසස් කරන ලද අතර, මේ වන විට එහි මුළු ඇඳන් ධාරිතාවය 544ක්.
රෝහලේ අනුමත කාර්ය මණ්ඩලය 739ක් වන අතර හොරණ ප්‍රදේශය මෙන්ම ඒ අවට කළුතර, කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ ද ආවරණය වන පරිදි මධ්‍යගතව පිහිටි මෙම රෝහල මඟින් ආසන්න වශයෙන් ලක්ෂ දහයක (1,000,000) පමණ ජනගහනයකට සෞඛ්‍ය සේවා සපයනු ලබන බවයි වාර්තා වන්නේ.
දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස කෘතීයික සත්කාර සේවා (Tertiary Care Services) සැපයීම සඳහා රෝහලේ අදාළ පහසුකම් සහ මානව සම්පත තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින්, මෙම රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබුණා.
මෙම පවරා ගැනීමේ කටයුත්ත සඳහා බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයාගේ ද එකඟතාවය ලැබී ඇති අතර, ඒ අනුව ඉදිරියේදී රෝහලේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Latest News
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාපති විශ්‍රාම ලබයි
Local
01 July 2026
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි
Local
01 July 2026
මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළට
Local
01 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න: අධිකරණයෙන් නියෝග
Local
01 July 2026
බස් ගාස්තු ඉහළට: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
''තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක'' - ජාතික ඩෙංගු මර්දන ඒකකය
Local
01 July 2026