General02 July 2026

ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ

හෝමාගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ පරිශ්‍රයේ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව රුපියල් විසි පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියම කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

හෝමාගම ඩිපෝ පරිශ්‍රයේ බස් රථ අලුත් වැඩියා කටයුතු වලින් පසුව ඉවතලන ටයර් , යකඩ හා වෙනත් උපකරණ තුළ ඩෙංගු මදුරු කීටයින් ඇති බවට මීට මාස දෙකකට පමණ පෙර අනාවරණය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අවවාද කොට යහපත් ප්‍රතිචාරයක් නොවීම නිසා රතු නිවේදන පවා නිකුත් කර තිබූ බවයි වාර්තා වෙන්නේ.

එහෙත් එහි පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම දැක්වූ නොසැලකිළිමත් භාවය නිසා පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමඟ ඉහත ස්ථානවල වැසි ජලය එක්රැස් වී විශාල වශයෙන් ඩෙංගු මදුරු කීටයින් බෝ වී දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත වී තිබුණා.

ඒ අනුව පසුගිය දා පිටිපන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීත් නිලධාරීතුමා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිදුකළ හදිසි ඩෙංගු පරීක්ෂාවේ දී යළිත් වරක් මදුරු කීටයින් සහිත ස්ථාන බොහොමයක් හමුවී ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes