General02 July 2026

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි

රාජ්‍ය ආයතන වෙත බැංකු කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ නව පහසුකම හදුන්වාදීමේ සමාරම්භක උත්සවය තිබිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පැවැත්වුණා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක් ආවරණය වන පරිදි ක්‍රෙඩ්ට් හා ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමට අවස්ථාව සැලසෙන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes