General03 July 2026

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුලු තිදෙනා යළිත් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවකුවෙකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහගේ සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ලබන 17 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (03) දින නියම කළා.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මෙම අල්ලස් මුදල ලබා ගැනීම සදහා මෙම සැකකරුවන් ඩුබායිවලට ගිය අවස්ථාවේදි හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂද ඩුබායිවල සිටි ඇති බව විමර්ශනවලින් අනාවරණය වු බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

ඒ අනුව විජයදාස රාජපක්ෂ මෙම සිද්ධියට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇති බවයි අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂක නිතී අනුෂා සම්බන්ධප්පෙරුම දැන්වුයේ.

විජේදාස රාජපක්ෂ 23/03/21 සිට 23/03/28 දක්වා ඩුබායි රටේ රැඳි සිට තිබෙන බව ආගමන විගමන තොරතුරු වලින් තහවුරු වුණ බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ .

සිද්ධිය සම්බන්ධයක් වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂකවරිය මෙලෙස සඳහන් කළා

" ස්වාමීනි සිද්ධියට අදාල පළවෙනි සැකකරු ලබාගත් ලක්‍ෂ 200ක මුදල නැවත හර්බි හෙවත් නිර්මල බණ්ඩාර යන තැනැත්තාගේ යහළුවකු වන ලසන්ත මංජුල ද සිල්වා හරහා මෙම සිද්ධියේ පළමු පැමිණිලිකාරිය වන හරක් කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති යන අයට ලබා දී තිබෙනවා.තවද එම මුදල ලබා දී තිබෙන තැන පිළිබදවද අනාවරණය වුණා. එනම් නුගේගොඩ , නාවල පාර, විජයබා මාවත නැමති ස්ථානයේදි. එම නිවස අයිති විජේදාස රාජපක්ෂට බවයි අනාවරණය වන්නේ. තවද මෙලෙස මෙම සැකකරුවන් ලබා ගන්නා ලද මෙම මුදල් උණ්ඩියල් ක්‍රමය ඔස්සේ ගෙනා බවයි සඳහන් වන්නේ. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වනවා.තවද මෙම සැකකරුවන් තිදෙනා දුරකථන සම්බන්ධතා පවත්වනු ලැබු ජංගම දුරකථන සහ වට්සැප් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. තවද මෙම සැකකරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීමට කටයුතු කරනවා."

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරු ඇතුලු පිරිස මෙලෙස කරුණු දැක්වූවා.

නීතීඥ අශෝක් වීරසූරිය පළමු සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ, බරපතල අපරාධ චෝදනා සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන පුද්ගලයින් ලබාදුන් ප්‍රකාශ මත මගේ සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

තවදුරටත් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස පවසා සිටියා.

"නඩු විභාගයකදී සාක්ෂි මෙහෙයවා සනාථ කර ගන්න ඕනි. ඒ අනුව මගේ සේවාදායකට මේ අවස්ථාවේ ඇප ලබා නොදීමට ප්‍රමාණවත් කරුණු නෑ. 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 19 සහ 20 වගන්ති යටතේ දඩුවම් ලැබිය හැකි බවට දක්වා තිබෙනවා. එමෙන්ම 19 සහ 20 වගන්ති ප්‍රකාරව මෙය රජයේ සේවකයින්ටය අදාළ වන්නේ. මුදල් ලබා දුන්නා කියන්නේ බිරිඳ නමුත් බිරිඳගේ කට උත්තරයක් වාර්තාවේ සනාථ වෙන්නේ නෑ. හර්බි කියන පුද්ගලයා තමයි මුදල් හුවමාරු කරලා තියෙන්නේ හර්බි කියන පුද්ගලයාට විවෘත වරෙන්තුවකුත් තියෙනවා. එතකොට කොහොමද එයා ලංකාවට ආවේ කියලා හිතා ගන්න බැහැ. කට උත්තර සම්බන්ධයෙන් සනාථ අධ්‍යයනය භාවයක් බලන්න පුළුවන් නඩු විභාගයක දී.

"149 ඔස්සේ දැමූ මෙම බී වාර්තාවේ නෛතික දෝෂ නිසා ඔබතුමාට පුළුවන් දැන් වුණත් ඇප ලබා දෙන්න. 149 වගන්තිය සැලකිල්ලට ගන්නවා නම් සැකකරුගේ වෘත්තීය කටයුතු වලටද මේ වනවිට බාධා එල්ල වී ඇති බැවින් සැකකරු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.

දෙවන සැකකරු වන රඛිත රාප්පක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ,

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉදිරිපත් කර ඇති සහතිකය නීත්‍යානුකූල නොවන බැවින් සැකකරු ඇප මත මුදා හැරීමට බාධාවක් නැති බවයි.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා දෙවන සැකකරු වෙනුවෙන් පෙනි සිටිමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ, මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරයා වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවයි.

"දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය අනුව මෙවන් අවස්ථාවක කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කළ නොහැකයි. එය නීත්‍යානූකූල නෑ. අල්ලස් කොමිසම විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරද සංස්ථාපනය කොට ඇත්තේ අල්ලස් පනතේ 19 සහ 20 යටතේ. ඒ කියන්නේ සමාන්‍ය ඇප පනත මෙයට අදාළ වෙනවා. එම නිසා මගේ සේවාදායකයාට ඇප ලබා දිය හැකි. තවද
මගේ සේවාදායකයාගේ පියා දේශපාලඥයෙක්. හැබැයි දැන් ඔහුට බලයක් නෑ. දැන් මගෙ සේවාදායකයාට ඔහුගේ පියාට කියලා කාටවත් බලපෑම් කරන්න බෑ. මගේ සේවාදායකයා ඇප මත මුදා හැරියා කියලා සාක්ෂිකාරයන්ට බැලපෑමක් වන්නේ නෑ. විමර්ශනයට සහයද ලබා දීමට සූදානම් මගේ සේවාදායකයා. මෙම කරුණු සුවිශේෂි කරුණු ලෙස ගෙන සැකකරු සුදුසු කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා

තුන්වන සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ගීත් කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ, තුන්වන සැකකරුට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙන්නේ ඔහු ඇපමත මුදා හැරීම වැළැක්වීමේ අරමුණින් බවයි.

" මෙවැනි සිද්ධියකට අදාලව සහතිකයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලයක් නෑ. අවුරුදු 3කට කලින් වුණ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස සහතික ඉදිරිපත් කිරිමට හැකියාවක් නොමැත.ඒ වගේම මෙම නඩුවේ සාක්ෂිකරුවන් වෙන්නේ බරපතල අපරාධකරුවන්. එවන් පසුබමික මගේ සේවාදායකයා බන්ධනාගාර ගත වී සීටිම ඔවුන්ගේ ජිවිතයටද තර්ජනයක්. රක්ෂිත බන්ධනාගාගත කර ජිවිතයට අවධානමක් දලා කරන්න ඔනේ විමර්ශයක් නෙවෙයි මෙය. එම නිසා සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීමට තරම් අවස්ථා දෙකකදීම සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම නිසා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
Related recommendation
Hiru TV News | Programmes