General03 July 2026

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ (Litro) ගෑස් මිල ගණන් පහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

මිල සංශෝධනයට අනුව නව මිල ගණන් පහත පරිදි වෙනවා.

කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය: රුපියල් 300 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,465ක්.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය: රුපියල් 118 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,792ක් වනු ඇති.

කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය: රුපියල් 55 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 835 කි.
Related recommendation
Hiru TV News | Programmes