General04 July 2026

ධුර කාලය අවසන් කර මෙරටින් පිටවීමට පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරිය, අගමැතිනිය හමුවෙයි

සිය ධුර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටව යන ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (03) හමුවුණා.

ඒ, අරලියගහ මන්දිරයේදීයි.

ආචාර්ය සිරි වෝල්ට්, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය ලෙස සිය ධුර කාලය ආරම්භ කළේ 2024 වසරේදීයි.

ඇය සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වෙමින් ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සබඳතා ශක්තිමත් කිරීමට දායක වීම සම්බන්ධයෙන් අගමැතිනිය සිය ස්තූතිය ද මෙම හමුවීමේදී පළකර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes