General04 July 2026

ඩෙංගු මරණ 39 දක්වා ඉහළට: රෝගීන් 58,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් බවයි.

එමෙන්ම, සිදුව ඇති මරණ සංඛ්‍යාව 39ක් දක්වා වැඩිවී තිබෙනවා.

මේ අතර, ඊයේ (03) දිනයේදී ඩෙංගු රෝගීන් 1,140ක් වාර්තා වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes