General04 July 2026

කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ පවතින කසළ බැහැර කිරීමේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා.

ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන්.

පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බැවින් එම අර්බුදය ජය ගැනීම සඳහා රාජ්‍ය ආයතන අතර පවතින අන්තර් සම්බන්ධතාවය උපරිමයෙන් භාවිත කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය වඩා විධිමත් කරන ලෙසද ඔහු එහිදී නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes