General04 July 2026

මාළු මිල ඉහළට

වෙළෙඳපොළේ මාළු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ධීවරයින් මුහුදු නොයාම ඊට ප්‍රධාන හේතුව බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියේ.

ඒ අනුව, අද (04) සාලයා කිලෝවක තොග මිල රුපියල් 1,000 ක් ලෙස සටහන් වූ අතර ලින්නා රුපියල් 1,200 කටත්, කෙලවල්ලා රුපියල් 1,600 කටත්, තෝරා රුපියල් 3,000 කටත් අලෙවි වුණා.
Related recommendation
Hiru TV News | Programmes