General05 July 2026

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම මහ බැංකුව තවත් මාස 6කින් දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම (Perpetual Treasuries Limited) ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කර ඇති නියෝගයන්ට අනුව මහ බැංකුව මෙම පියවර ගෙන තිබෙන බව සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම 2026 ජූලි මස 05 වැනි දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ වනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes