වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති පොදු සමාව යටතේ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සිරකරුවෙකු නීතිවිරෝධී ලෙස බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව එවකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාව සිටි මොහාන් කරුණාරත්නට නීතිපතිවරයා විසින් අධිචෝදනා භාර දී තිබෙනවා.
උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඉදිරිපිටදී අනුරාධපුර මහාධිකරණයේදී මෙම හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙත වෙන් වෙන් වශයෙන් වූ අධි චෝදනා 5 ක් මෙලෙස කියවා භාර දී තිබෙනවා.
ඒ වන විට අධිකරණය හමුවේ පවතින නඩු 28 ක සංඛ්‍යාවක විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකුට, ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බව හැඟවෙන පරිදි කූට ලේඛන සකස් කර, එම කූට ලේඛන අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර අදාළ විත්තිකරු නීතිවිරෝධීව බන්ධනාගාරයෙන් නිදහස් කර මුදාහැරීම මොහුට එරෙහිව ඇති චෝදනාවයි.
වර්ෂ 2025 ක් වු මැයි මස 01 වැනි දින සහ වර්ෂ 2025 ක් වු මැයි මස 14 වැනි දින දක්වා වු කාල සීමාව තුළදී පළමු වන චූදිත බන්ධනාගාර අධිකාරිව කටයුතු කරමින් කේ. 06/01/විශේෂ රාජ්‍ය සමා/ඉල්ලීම/05-12/2025 දරණ නිර්ණායක යටතේ වෙසක් පොහොය නිමිති කොට ලබාදෙන පොදු සමාව ලබා ගැනීමට ඩී/52796 සිර අංකය යටතේ රදවා සිටි දෙවන චූදිත එනම්, එම සිරකරුවන ඩබ්.එම්. අතුල තිලකරත්න හට සුදුසුකම නොලබා ඇති අවස්ථාවකදී එකී දෙවන චුදිත නීත්‍යනුකූල දඩුවමින් බේරා ගැනිමේ හෝ දෙවන චුදිත යටත්විය යුතු දඩුවමින් අඩු දඩුවමකට යටත් කිරීමේ අදහසින් එකී වරද සිදුකිරිමට හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කළ බවත්, එකී කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් වශයෙන් එකී වරද සිදු කරන ලද බවත්, එබැවින් යුෂ්මතුන් දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) වගන්තිය සහ 102 වන වගන්තිය සමග කියවිය යුතු 214 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවට මෙම චුදිතට එරෙහිව අධිචෝදනා පහක් යටතේ නිතිපතිවරයා චෝදනා නගා තිබුණා.
චුදිතට එරෙහි අධිචෝදනා කියවා භාරදීමෙන් අනතුරුව එම අධි චෝදනා 5ටම තමන් නිවැරදිකරු බව හිටපු බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න අධිකරණයට පවසා සිටියා.
අනතුරුව හිටපු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා රුපියල් විසි පන්දහසක් වටිනා මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2 ක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට මහාධිකරණයෙන් නියෝග කළා.
එක් ඇපකරුවෙකු ළගම ඥාතියෙකු විය යුතු බවට නියම කළ අධිකරණය, ලබන අගෝස්තු මස 06 වැනි දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසටද විත්තිකරුට නියෝග කළා.
මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කොට සිටින්නේ ජනපති පොදු සමාව යටතේ නීති විරෝධීව බන්ධනාගාරයෙන් නිදහස්ව ගිය ඩබ්.එම්.අතුල තිලකරත්න නමැත්තායි.
මෙම වරද සිදුකිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට ආධාර අනුබල ලබාදීම යටතේ මොහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කොට කියවා භාරදෙනු ලැබුවා.
එල්ල කර ඇති චෝදනාවන්ට තමන්ද නිවැරදිකරු බව දෙවන විත්තිකරු අධිකරණයට ප්‍රකාශ කළ පසු, ඔහු ද මුදල් සහ ශරීර ඇප මත මුදහැරීමට අධිකරණය නියම කළා.
වෙනත් මුල්‍ය වංචා සිද්ධියකට අදාලව මේ වන විට පස් වසරක බරපතල වැඩ සහිතව දඩුවම් විදිමින් සිටින දෙවන විත්තිකරු අධි චෝදනා භාරදීම සඳහා අනුරාධපුර බන්ධනාගාරය මගින් මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
Latest News
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය
Local
05 July 2026
චීන අභියෝගය හමුවේ ජර්මානු මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක
Local
05 July 2026
ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි
Local
05 July 2026
ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාවෙනුත් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්:
Local
05 July 2026
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට
Local
05 July 2026
මත්ද්‍රව්‍ය එක්ක කොටුවූ "දෝණී" රිමාන්ඩ්
Local
05 July 2026
යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි
Local
05 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම මහ බැංකුව තවත් මාස 6කින් දීර්ඝ කරයි
Local
05 July 2026