'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ පරිසර පොලීසිය එක්ව අද (05) සිට 12 වන දින දක්වා ක්‍රියාත්මක කරනු ලබන ‘ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව’ සඳහා තම සක්‍රීය දායකත්වය ලබා දී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
මෙම ඩෙංගු මර්දන වැඩසටහන යටතේ "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo) යන තේමාව පෙරදැරි කරගනිමින් විශේෂ මෙහෙයුම් රැසක් දියත් කෙරිණි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල වනාතමුල්ල, පානදුර, නාරහේන්පිට, මහර සහ වත්තල යන ප්‍රදේශවල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මෙම කටයුතු සඳහා සහභාගි වූහ.
මීට සමගාමීව නාවික හමුදාවේ අනෙකුත් නාවික විධානයන් මඟින් ද ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී එම ප්‍රදේශවල පරිසර පද්ධතීන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.
මෙම බාහිර මෙහෙයුම්වලට අමතරව නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළ ද ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මාරාන්තික ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරගෙන යනු ලබන මෙවැනි වැඩසටහන් සඳහා නාවික පුද්ගලයින් නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබන බව නාවික හමුදාව සඳහන් කරයි.
Latest News
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය
Local
05 July 2026
චීන අභියෝගය හමුවේ ජර්මානු මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක
Local
05 July 2026
ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි
Local
05 July 2026
ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාවෙනුත් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්:
Local
05 July 2026
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට
Local
05 July 2026
මත්ද්‍රව්‍ය එක්ක කොටුවූ "දෝණී" රිමාන්ඩ්
Local
05 July 2026
යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි
Local
05 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම මහ බැංකුව තවත් මාස 6කින් දීර්ඝ කරයි
Local
05 July 2026