General06 July 2026

සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිත කිරීම වළක්වාලමින් 2022 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැඩබලන සභාපති එස්. එම්. ඩී. සූරියකුමාරගේ අත්සනින් යුතුව මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ පසුගිය 03 වනදායි.

එම ගැසට් නිවේදනයට අනුව සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සෘජුව භාවිත කිරීම, සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම සඳහා හෝ විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීමට නැවත අවසර හිමිවනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes