General06 July 2026

බන්ධනාගාරයේ සිද්ධිය ගැන අධිකරණ අමාත්‍යවරයා වගකීම භාරගනී

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලෙස තමන් එහි වගකීම සම්පූර්ණයෙන්ම භාරගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

අද දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් රැඳවියන් මෙන්ම බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ පිරිස් ද මියගොස් ඇති බව තහවුරු කළ අමාත්‍යවරයා, මියගිය අය කවුරුන් වුවද මෙලෙස මනුෂ්‍ය ජීවිත අහිමි වීම පිළිබඳව තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව ප්‍රකාශ කළ අතර, මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය ශෝකය ද පළ කර සිටියා.

"මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක සිද්ධ වුණේ. ඒ නිසා මේකේ වගකීම මට ඒ ආකාරයෙන්ම භාරගන්න වෙනවා. වගකීම භාරගෙන මේ ප්‍රශ්න විසඳන්න ඕනේ." යැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
Related recommendation
Hiru TV News | Programmes