පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියා.
අදාල පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේ දී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්, අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු ඉදිරිපත් කළ පෙත්සමේ අන්තර්ගත ඉල්ලීම් මූලික අයිතිවාසිකම් හා සම්බන්ධ කරුණු බැවින් ඒ පිළිබඳව විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා.
එම නිසා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සිය දේශනය ඉදිරිපත් කිරිම අවසන් කළා.
වැඩිදුර කරුණු දැක්වීම් මේ මස 09 වනදා දක්වා කල් තැබුණා.

Latest News
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට ඇප
Local
06 July 2026
සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට
Local
06 July 2026
බන්ධනාගාරයේ සිද්ධිය ගැන අධිකරණ අමාත්‍යවරයා වගකීම භාරගනී
Local
06 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට
Local
06 July 2026
බලු සුරතලා දෙන්නැයි කියා මුදල් වංචා කරලා
Local
06 July 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි නීතිපති ඉල්ලයි
Local
06 July 2026
Infinity Rover පිරිමිඩාකාර යෝජනා ක්‍රමය ගැන විමර්ශන
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකයෙක් (පාලන) අත්අඩංගුවට
Local
06 July 2026