General06 July 2026

වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි

වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා මාතලේ - හෙට්ටිපොළ මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධානය අද (06) හෙට්ටිපොළ නගරයේදී විරෝධතාවයක නිරත වුණා.

අනතුරුව ඔවුන් පාගමනින් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සංදේශයක් ද බාරදීමට පියවර ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, වී මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඊට සහල් ව්‍යාපාරිකයින් වන ඩඩ්ලි සිරිසේන ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.

සාකච්ඡාවෙන් පසු පිටතට පැමිණ අදහස් දැක්වීමේදී වෙළද අමාත්‍ය වෙළෙඳ අමාත්‍යවරයා හිරු මාධ්‍යවේදියාගේ මයික්‍රෆෝනය ඉවත් කිරීමට පියවර ගත්තා.

මේ අතර, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිත කිරීම වළක්වාලමින් 2022 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාරිභෝගික අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගියදා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩා තුළ පවතින වී සහල් බවට පත්කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග රජය විසින් සලකා බලමින් සිටින බවයි.

නව ගැසට් නිවේදනයට අනුව සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සෘජුව භාවිත කිරීම, සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම සඳහා හෝ විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීමට නැවත අවසර ලබාදී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes