මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය පිරිසගේ මරණ පරීක්ෂණ සිදුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති බව මීගමුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
මීගමුව බන්ධනාගාරයේ පෙරේදා (05) සහ ඊයේ (06) දෙදින තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබුවා.
ජීවිතක්ෂයට පත් පිරිසට, බන්ධනාගාර ජේලර්වරයෙකු ඇතුළු නිලධාරින් 07ක් සහ රැඳවියන් 19 දෙනෙකු ඇතුළත්.
තුවාල ලැබූවන් තවදුරටත් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බන්ධනාගාර නිලධාරීන් හතර දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණා.
මීට අමතරව 18 දෙනෙකුට ආසන්න පිරිසක් වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිසර, රාගම සහ ගම්පහ රෝහල්වලටද මාරුකර යැවුණා.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් 700කට වැඩි පිරිසක් මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබෙනවා.
බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, ඒ. සී. ගජනායක කියා සිටියේ.
පෙරේදා දිනයේදී පළමු වරට මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වයක් හටගත් අතර එහිදී දෙදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබුවා.
කෙසේ වෙතත්, ඊයේ උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන්ට උදෑසන ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේදී, නැවත වරක් දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයත් හටගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක කියා සිටියේ.
එහිදී එම ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සාහ කර තිබු නමුත් ඔවුන්ටද රැඳවියන් පහර දී තිබුණා.
එම ස්ථානයෙන් පිටතට පැමිණීමට නිලධාරින් උත්සහ කිරීමේදී යළි පහර දී තිබෙනවා.
එමෙන්ම රැඳවියන් විසින් බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව කැඩීමට ද උත්සාහ කර ඇති අතර, නිලධාරීන් විසින් එය වැලැක්වීමට යාමේදී ගැටුම්කාරි තත්ත්වය උත්සන්න වී තිබුණා.
ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකායේ තවත් පිරිසක් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් බන්ධනාගාර පරිශ්‍රයට කැඳවීමටයි පියවර ගත්තේ.
තත්ත්වය පාලනය සඳහා පොලීසිය අහසට වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබුණා.
මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලිස් කණ්ඩායම් 10ක් ද යෙදවීමට බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත සඳහන් කළා.
එමෙන්ම බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සඳහා යුද හමුදාව ද යොදවා තිබුණා..
එවන් පසුබිමක බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ ඥාතීන්ද ඊයේ බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණ තිබුණා.
මේ අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගැටුම ඇතිවූ මීගමුව බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා පැමිණියා.
මේ අතර, මීගමුව මහේස්ත්‍රාත්වරයා අද දින ස්ථානීය පරීක්ෂණයක් සදහා බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණීමට නියමිතයි.
එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
එමෙන්ම අද උදෑසන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කළා.
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ඇති.

Latest News
මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ තොරතුරු අද ඥාතීන් වෙත
Local
07 July 2026
ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය ගැන කඩිනම් තීරණයක් නොගන්නා බව රොනාල්ඩෝ කියයි
Local
07 July 2026
ඩෙංගු මර්දන එන්නතක් මෙරටට ගෙන්වීමට සැරසේ
Local
07 July 2026
මීගමුව හිරගෙදර සිද්ධියෙන් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණට අධිකරණ වෛද්‍යවරුන් 05ක්
Local
07 July 2026
බෙල්ජියම හමුවේ අමෙරිකාවට දරුණු පරාජයක්
Local
07 July 2026
ප්‍රදේශ කිහිපයකට වියළි කාලගුණික තත්ත්වයක්
Local
07 July 2026
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවක් වටලයි
Local
06 July 2026
ඩෙංගු ගැන ඉදිරි සති 04 ත් අවදානම් - සෞඛ්‍ය ඇමති
Local
06 July 2026
මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ
Local
06 July 2026
වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි
Local
06 July 2026