මීගමු බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
මෙහි විමර්ශනය ඊයේ (06) මීගමුව පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ අතර, වැඩ බලන පොලිස්පති සංජීව ධර්මරත්න විසින් කළ නියමයට අනුව එම විමර්ශනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයි පොලිසිය පවසනවා.
මීගමුව බන්ධනාගාරයේදී ඊයේ (06) පෙරවරුවේ ඇතිවූ ගැටුම මෙහෙයවනු ලැබූ බව කියන 'කටුවැල්ලේගම සුරේෂ්' නමැත්තාව බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇතැයි බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවා.
කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර යන අය, කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේගේ’ සමීපතමයෙක් වන අතර කලුමිනි රවිඳු සංඛ ද සිල්වා නොහොත් "බූරු මූණා" නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා සමග සබඳතා පවත්වන අයකු බවටද හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
මෙම සැකකරුට, තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වන බවයි පොලිසිය පැවසුවේ.
මොහුට එරෙහිව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාලව ඔහු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට හා තවත් පුද්ගලයකුට පහරදී ගස් බැඳ විහාරයේ දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාළව මොහුට එරෙහිව 2016 වසරේදී නාරම්මල අධිකරණයේ නඩුවක්ද පැවැති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටුමට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් බවට මේ වන විට තොරතුරු අනාවරණ වෙමින් පවතින අතර, ගැටුම ආරම්භ වූයේ පෙරේදා (05) පස්වරු 1.00ට පමණයි.
විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනෙක් ඇතුළුව සැකකරුවන් 2,400කට අධික රැඳවියන් පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බවට තොරතුරු අනාවරණය වෙනවා.
මීගමුව බන්ධනාගාරයේ ඊයේ (06) සහ පෙරේදා (05) යන දෙදින තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් නිලධාරීන් 7 දෙනෙක් ඇතුළු 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ අතර, ඉන් බරපතල තත්ත්වයේ සිටි 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල සහ ගම්පහ මහ රෝහල වෙත මාරු කර යවා තිබුණා.
ඊයේ (06) දිනයේදී මෙම ගැටුම ආරම්භයේදීම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් ද සිදු කර තිබූ අතර, පසුව පොලිස් කැරලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව බන්ධනාගාරය තුළට ගොස් තත්ත්වය සමතයකට පත් කරනු ලැබුවා.
බෙල් 412 හෙලිකොප්ටරයක් හා ඩ්‍රෝන යානාවක් මගින් බන්ධනාගාර පරිශ්‍රයේ තොරතුරු නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබුණා. මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් පැහැරගත් බව කියන රිපීටර් වර්ගයේ ගිනි අවියකින් රැඳවියන් එම ඩ්‍රෝන යානයටද වෙඩි තැබූ බවට වාර්තා වුණා.
ගැටුමෙන් මියගිය අයගේ මෘතදේහ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමුව මහේස්ත්‍රාත් සිලනී පෙරේරා විසින් ඊයේ (06) සිදුකරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (06) නිවේදනය කර තිබුණේ.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් අද (07) උදෑසන වනවිට මීගමුව බන්ධනාගාරය තුළ හා ඒ අවට ආරක්ෂාව තහවුරු කරමින් තත්ත්වය පාලනය කර තිබුණා.
කෙසේ වෙතත් අද (07) උදෑසන මිගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් බැලීමට පැමිණ සිටි ඔවුන්‍ගේ ඥාතීන් පිරිසක් නොසන්සුන් අයුරින් හැසිරුණු අතර, එම තත්ත්වය ද ආරක්ෂක අංශ විසින් පාලනය කර තිබුණා.
ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 700ක් පමණ දුම්බර සහ අනුරාධපුර ඇතුළු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ බවයි බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
Latest News
විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙනවැයි පවසා මුදල් වංචා කරලා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කතාකරන්න බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැති හමුවට
Local
07 July 2026
පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත් පුද්ගලයාට ඇප
Local
07 July 2026
ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය: ජූලි මස 06 වැනි දින සැමරීමට රජය තීරණය කරයි
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් පිළිබඳ කල්තැබීමේ විවාදය අද පස්වරු 3.30ට
Local
07 July 2026
භූමි තෙල් යොදා ධාවනය කළ බස් රථ පහක් කොටු
Local
07 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ විමර්ශන සීඅයිඩීයට - 'කටුවැල්ලේගම සුරේෂ්' බූස්සට
Local
07 July 2026
“බදු ශක්ති 2026” ජාතික බදු සතිය ඇරඹේ
Local
07 July 2026
රුපියල අදත් හුස්මක් ගනී
Local
07 July 2026
බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් බැලීමට අධිකරණ ඇමති මීගමුව මහ රෝහලට
Local
07 July 2026