General07 July 2026

පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත් පුද්ගලයාට ඇප

ඌව විශ්ව විද්‍යාලයේ පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 03 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පුද්ගලයෙකු ලක්ෂ 20ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (07) නියෝග කළා.

බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය සිදු කළ අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා නොවැම්බර් 03 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළා.



Related recommendation
Hiru TV News | Programmes