General07 July 2026

මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කතාකරන්න ‍බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැති හමුවට

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ තත්ත්වය පිළිබඳව කතා කිරීමට සහ මෙවන් තත්ත්වයක් අනෙක් සිරගෙවල්වල ඇතිවීම වළක්වන්නේ කෙසේද යන්න පිළිබඳ කතා කිරීම සඳහා හෙට උදෑසන 7.30වන විට බන්ධනාගාරවල සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳ පවසා සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි.

එම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

2026. 07.05 දින පෙරවරු එකොළහට පමණ තමයි මුලින්ම මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් අතර ගැටුමක් ඇති වෙන්නේ. මෙය ඉතා හොඳින් පැහැදිලි කරගන්න ඕනේ. මෙය රැඳවියන් සහ කාර්ය මණ්ඩලය අතර ගැටුමක් නෙමෙයි. ගැටුමෙන් තිස්පහක් තුවාල ලබනවා. දෙදෙනෙක් මිය යනවා. ඒකට අපි මැදිහත් වෙනවා. ඒකට මැදිහත්වෙලා සමථයට පත්කර ගන්නත් හැකි වෙනවා. පහුවෙනිදා උදෑසන ඉතාමත් ක්ෂණිකයෙන් උදේ වරුවේ ඔවුන්ට ආහාර දීලා උසාවි යන වැඩ වලට ලෑස්ති කරද්දී ඉතාමත් ක්ෂණිකයෙන්, නැවත මේ දෙපාර්ශ්වය අතර ගැටුමක් නිර්මාණය වෙනවා. අපි ඒ ගැටුමේ පසුබිම බලමු. මම මේ වචන පාවිච්චි කරන්නේ මට කියන්න වෙන වචන නැති නිසා. කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර තමයි ගැටුම් ඇතිවෙලා තියෙන්නේ. එතනදි ඔබල දන්නවා යම් වෙලාවක ඇතුළට එන නීති විරෝධී ද්‍රව්‍ය නවත්වන්න කුඩු වගේ දේවල් නවත්තන්න ඉතා දැඩි නීති රීති අපි භාවිතා කරනවා. එකක් තමයි යම් රැඳවියන් කළමනාකාරිත්වයට තොරතුරු ලබා දෙනවා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සෙල්ලම ප්‍රහාරයට ලක් වෙන්නේ. අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා පාතාල අතර ඇති වෙච්ච ගැටුමක් විය හැකියි. මං මේ මොහොතේ ඉදිරිපත් කරන්නේ මා සතුව ඇති නිශ්චිත තොරතුරු පමණයි. මේ දේවල් ඉදිරියේදී පරීක්ෂණ හරහා වෙනස් විය හැකි . මෙතන පැහැදිලිව වෙච්ච දෙයක් තමයි මොවුන් ප්‍රහාර එල්ල කරල සීසීටීවී කැමරා කඩනවා. මේ හැමෝම නෙවේ සංවිධානාත්මක කෙටි පිරිසක්. තුවාල ලබපු අහිංසක මිනිස්සුත් මෙහි ඉන්නවා. බහුතරයක් මියගිය නිලධාරින් ඇත්තටම රැඳවියන්ගෙන් පහර කාල තමයි මිය යන්නේ. මම ගොඩක් විස්තර කියන්නේ හැබැයි අමානුෂික ලෙස පහර දීලා තියෙනවා.ගඩොල් වලින් පොලුවලින් ආදී වශයෙන්. කියන්න ඕනේ දිවිහිමියෙන් රාජකාරී කළ ඒ මහත්වරුන්ට අපේ ගෞරවය තිබෙනවා. ඊට පස්සේ මතුවන සිද්ධිය තමයි මොවුන් ඒ යකඩ ගේට්ටුව කඩාගෙන ඉතා කෙටි දුරක් තියෙන ලී දොරට එනවා. එතනින් එළියට ඔවුන් ආවා නම් ඔවුන් පාරේ සහ විශාල විනාශයක් කරන්න තිබුණා.ඒවගේම දැනට තියෙන විදිහට ඔවුන් අතට යම් ආයුධයක් දෙකක් පත්වෙලා තියෙනවා.''
Related recommendation
Hiru TV News | Programmes