දූෂණ චෝදනාවන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු කැබ්නට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (08) අද නියෝග කළා.
එසේම, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය එය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා.
මෙම සැකකරු දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අද (08) පෙරවරුවේදී ප්‍රකාශයක් ලබා දීමට කොමිසමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව එම කොමිසම සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.
වර්ෂ 2014 ඌව පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී, රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පෝස්ටර් සහ අත්පත්‍රිකා 250,000ක් මුද්‍රණය කරන ලෙස හලාවත වැවිලි සමාගමට හා කුරුණෑගල වැවිලි සමාගමට විධාන කිරීමෙන් අදාල සමාගම් දෙකට රුපියල් 2,665,000/- ක මුදලක් වැය කිරීමට කටයුතු කරවා තිබීම මෙම සැකකරුට එරෙහි පළමු චෝදනා බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.
මීට අමතරව, 2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළ ගංවතුර ආධාර ලෙස බෙදා දීම සඳහා සරම් සහ ටී-ෂර්ට් සහිත ඇඳුම් කට්ටල 5,000ක් හා සාය සහ හැට්ට සහිත ඇඳුම් කට්ටල 5,000ක් නිසි ක්‍රමවේදයකින් තොරව මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත්, හලාවත වැවිලි සමාගමෙන් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් සිදුකළ මෙම මිලදී ගැනීම් හරහා එම සමාගම් දෙකට පිළිවෙළින් රුපියල් 3,275,000/- ක් සහ රුපියල් 3,075,000/- ක් වැය කර තිබුණ ද, එම ඇඳුම් කට්ටල භෞතිකව බෙදා දී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කළා.
එසේම, 2013 සහ 2014 වසරවල මැයි දින රැළි සඳහා සහභාගීවූවන්ට ලබා දීම පිණිස හලාවත වැවිලි සමාගමෙන් ටී-ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් ද, කුරුණෑගල වැවිලි සමාගමෙන් ටී-ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් ද ලබා දීමට නිලධාරීන් පෙළඹවීම සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප ලබා දෙමින් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කළා.
Latest News
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026
''ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්'' ජනපති ට්‍රම්ප්
Local
08 July 2026
ජූනි මාසයේ නිල සංචිත පහළ යයි
Local
08 July 2026
රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි
Local
08 July 2026
හිටපු ජනපති රනිල් කොටුව අධිකරණයට
Local
08 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට
Local
08 July 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප - විදෙස් ගමන් තහනම්
Local
08 July 2026
ඝාතනයකට සම්බන්ධ විත්තිකරුවන් 08කට වසර 29කට පසු මරණීය දණ්ඩනය
Local
08 July 2026
සා.පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්
Local
08 July 2026
ඉන්දුනීසියාවේ ඉහළම සිවිල් සම්මානයෙන් අගමැති මෝදි පිදුම් ලබයි
Local
08 July 2026