General08 July 2026

හ‍ිටපු ජනපති රනිල් කොටුව අධිකරණයට

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණයා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වන මෙම සිද්ධිය අද (08) අධිකරණය හමුවේ කැදැවීමට නියමිතව තිබෙනවා.

එම නඩුවට ඉදිරිපත් වීම සඳහායි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට පැමිණියේ.

සිද්ධියට අදාල නඩු කටයුත්ත අද (08) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes