General08 July 2026

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළැයි කියන සිද්ධියට අදාලව සියලු විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට දැනුම් දුන්නා.

ඒ එම නඩුව අද (08) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී.

මෙම නඩුකරය මේ වන විට විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන සැප්තැම්බර් 30 වැනිදා තෙක් කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ.
Related recommendation
Hiru TV News | Programmes