General08 July 2026

කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත හන්දියේදී අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් දකුණට හැරවීමේදී පෙරළීමෙන් දෙමටගොඩ සිට පැළියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මංතීරු දෙකක් අවහිර වී තිබෙනවා.

එම හේතුවෙන් ඇති වී තිබෙන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පැළියගොඩ දෙස සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව ඔස්සේ දෙමටගොඩ දෙස සිට පැළියගොඩ දෙසටත් පැළියගොඩ දෙස සිට දෙමටගොඩ දෙසටත් රථ වාහන ගමනාගමනය සිදු කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම මාර්ගයේ ඇති වූ අවහිරතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes