"ඡන්ද කාලෙට ඇමතිවරු කුඹුරුවලට බැහැලා ගොයම් කකා ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අදටත් එහෙම මිලක් නැහැ. ඡන්දය අවසානයේදී ගොවියා දළ දේශීය නිෂ්පාදනයට ප්‍රමාණවත් දායකත්වයක් නොදෙන 'කසිප්පුකාරයෙක්' බවට පත් කරලා." යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මානව අයිතියක් ලෙස හැඳින්විය හැකි ගොවිතැන, රටේ ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කෙරෙන මූලික අයිතිවාසිකමක් බවට පත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවද විපක්ෂ නායකවරයා පැවසුවා.
ගොවි ජනතාව මුහුණ දෙන බරපතළ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (08) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
මැතිවරණ සමයේදී පමණක් ගොවියා රජ කරවන බව පවසමින් ඡන්දය ලබා ගැනීමට දේශපාලනඥයන් කටයුතු කළත්, මැතිවරණ නොමැති කාලයට ගොවියා සහ ගොවිතැන අසාර්ථක දෙයක් ලෙස සලකා බැහැර කරන බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
මේ අතර වත්මන් ගොවිතැන් ක්ෂේත්‍රයේ නිෂ්පාදන චක්‍රයේ සෑම පුරුකකම බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
බීජ, පොහොර, කෘෂි රසායන, යන්ත්‍ර උපකරණ මිල ඉහළ යාම සහ අලි-මිනිස් ගැටුම වැනි ගැටලු රැසක් මැද ගොවීන් තමන්ගේ කණකර දේපළ පවා උගස් කරමින් වගා කටයුතු සිදු කරන බවද පැවසුවා.
රජයේ මැදිහත්වීම සීමාසහිත වීම හේතුවෙන් ගොවියාට තමන්ගේ වියදමට සරිලන ආදායමක් නොලැබෙන බව පෙන්වා දුන් ඔහු මේ වන විට වී කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 137ක පිරිවැයක් වැය වුවද, රජයේ ස්ථාවර මිල රුපියල් 120ක් බැවින් ගොවියා සැබවින්ම පාඩු ලබන බවයි සංඛ්‍යා ලේඛන සහිතව පෙන්වා දුන්නේ.

Latest News
මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට
Local
08 July 2026
ලෝක ජනගහනයෙන් 99%කට අද එකම වෙලාවක සූර්යාලෝකය
Local
08 July 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026
මඩකලපුව, අම්පාර සහ මොනරාගලට හෙට දැඩි උණුසුමක්
Local
08 July 2026
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026