General08 July 2026

පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන

ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීමට 2027 වසරේ අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙසත්, අඩු ආදායම් ලාභීන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස සඳහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes