General08 July 2026

මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී මියගිය, වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයෙකු වූ S.H.G චන්ද්‍රවංශගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) පස්වරුවේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

වැලිකඩ බන්ධනාගාරයේ සිට අද පස්වරුවේ දේහය තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද ගෞරවාචාර පුද කිරීමෙන් අනතුරුව දේහය මේ වන විට එම මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes