අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මහා පරිමාණ කප්පම් ගැනීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.
මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ඇඹිලිපිටියේ රුවන් ප්‍රසාද් නොහොත් ඇඹිලිපිටියේ රුවන් නමැත්තා විසින් මෙම කප්පම් ජාවාරම මෙහෙයවා ඇති බවයි හෙළිකරගෙන ඇත්තේ.
කිරිබත්ගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකාර කාන්තාවක් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසුවයි ඇඹිලිපිටියේ රුවන් ප්‍රසාද් නොහොත් ඇඹිලිපිටියේ රුවන් නමැත්තාගේ කප්පම් ජාවාරම අනාවරණය වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි දිල්රුක්ෂි ප්‍රියංගිකා සිල්වා නමැත්තියක් වන අතර ඇය මීට පෙර අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි කාන්තාවක්.
ඇය සමඟ ඇයගේ බාල සහෝදරියද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී රුපියල් 480,000ක මුදලක්ද හමුවී තිබෙනවා.
එම මුදල මීට පෙර කප්පම් ලෙස ලබාගත් මුදලක ඉතිරිවූ කොටසක් බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
මෙම කාන්තාවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඇඹිලිපිටියේ රුවන් ප්‍රසාද් නොහොත් ඇඹිලිපිටියේ රුවන් සමග ඇය සම්බන්ධතාවක් ගොඩනගාගත් බවත් ඔහුගේ උපදෙස් මත ඇය තම ගිණුම් අංකය ලබාදුන් බවයි.
අවස්ථා කිහිපයකදී රුවන් නමැත්තා බන්ධනාගාරයේ සිට පිටස්තර මිනිසුන් බියගන්වා කප්පම් මුදල් ලබාගෙන තම බැංකු ගිණුමට බැර කරවන බවත් ඇය පවසා තිබෙනවා.
මේ අතර දුරකථන මාර්ගයෙන් මරණ තර්ජන එල්ලකර අවස්ථා කිහිපයකදී කප්පම් ඉල්ලූ බව කියමින් කිරිබත්ගොඩ ව්‍යාපාරිකයෙකු විසින් කිරිබත්ගොඩ පොලිසියට පසුගිය ජුනි මස 27 වැනිදා පැමිණිල්ලක් යොමුකර තිබුණා.
එම ව්‍යාපාරිකයා පවසා ඇත්තේ අදාළ කප්පම ලබා නොදුනහොත් සංවිධානාත්මක වෙඩික්කරුවන් දෙදෙනෙකු එවා තමන්ව ඝාතනය කරන බවට තර්ජනය කළ බවයි.
ඒ අනුවයි කිරිබත්ගොඩ පොලිසිය විසින් විමර්ශන අරඹා තිබුණේ.
එම තර්ජනාත්මක ඇමතුම සහිත දුරකථන සංවාදය ජංගම දුරකථනයේ සටහන්ව තිබුණේ මෙලෙසින්.
'' මේක අහගන්නකෝ... අපිට ඉන්න මිනිස්සුන්ගෙන් බලෙන් උදව් ගන්නත් දන්නවා. බලෙන් ගන්නත් දන්නවා... ඔයගොල්ලො කොහොමද කැමති ? ඔයා චුට්ටක් මොළේ තියෙන මනුස්සයෙක්නම් අපේ රටේ ඔයා දන්නවනේ ලංකාව කියන්නේ පහත් රටක් කියලා. කුඩුවලට මිනී මරන්න ඕන තරම් කොල්ලො ඉන්නවා. ඒක නිසා මම අහන්නේ ඔයගොල්ලෝ මේක කැමැත්තෙන් හොඳ විදියට ඉවර කරගන්නවද නරක විදියට ඉවරකර ගන්නවද? මට ඔයාගෙන් මුදලින් උදවුවක් ඕනේ... ''
ඒ අනුව ක්‍රියාත්මක වූ කිරිබත්ගොඩ පොලිසියේ විමර්ශන නිලධාරීන් පිරිසක් අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් සැකකාර දුරකථන අංකය වෙත ඇමතුමක් ලබාගෙන තිබෙනවා.
මේ එම දුරකථන සංවාදයයි.
'' උඹට දැනට කීයක් දාලා දෙන්න පුළුවන්ද? දොර ජනෙල්වලට සාම්පල් එකක් දාලා ගහනවා. වෙපන් එකක් දාලා. ජර බර ගාලා උණුවෙන්න ගහනවා. ගිනි ගන්න ගහනවා. දෙන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ තමුසෙනේ.. ගන්න එකනෙ අපි කරන්නේ. මේක මතක තියා ගන්න මනුස්සයෝ අපිත් මනුස්සකම් නැති අම්මා තාත්තාගෙන් බිහිවෙච්ච දරුවෝ. තිරිසන්නු නෙවෙයි අපි මිනී මැරුවට. එක පවුලේ හතරක් බුදි කෙරෙව්වේ මම තමයි අංගොඩ හන්දියේ හොඳේ... දරුවො දෙන්නයි අම්මයි තාත්තයි... හැබැයි අයියේ ඔය කටින් කෙළ බිඳක් හරි ගිහිල්ලා තිබුණොත් වෙපන් දෙකක් දාලා ගහන්නේ දෙපැත්තෙන් අළු වෙන්න. ඔයාට මේක දැන් විනාඩි දහයක් පහළොවක් ඇතුළත හදලා දෙන්න පුළුවන්ද? ඔයාට මේක බෑන්ක් එකක් හරහා දාගන්න ලේසිද ඔක්කෝටම වැඩිය. ලංකාවෙම සල්ලි ට්‍රාන්සර් වෙනවා අපිට ඕනම බැංකුවකින් ''
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක ඇතුළු නිලධාරීන් කණ්ඩායම විසින් සිදු කරනවා.

Latest News
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් ජූලි 15 ඇරඹේ
Local
08 July 2026
බන්ධනාගාරයෙන් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන: කප්පම් ජාලයක් පොලිසියෙන් අල්ලයි
Local
08 July 2026
අද රෑ ඉරානයට පහර දෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
Local
08 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්
Local
08 July 2026
මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට
Local
08 July 2026
ලෝක ජනගහනයෙන් 99%කට අද එකම වෙලාවක සූර්යාලෝකය
Local
08 July 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026
මඩකලපුව, අම්පාර සහ මොනරාගලට හෙට දැඩි උණුසුමක්
Local
08 July 2026
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026