General09 July 2026

සිසුන්ගේ හිරි ඔතප් බිඳීමේ නොවිසදුණු පැමිණිලි ගැන කඩිනම් විසඳුමක් ඉල්ලන පෙත්සමට විපක්ෂනායක සජිත් ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන්

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි සඳහා කඩිනමින් යුක්තිය ඉටු කිරීම අරමුණු කර ගෙන තුෂ් වික්‍රමනායක ඇතුලු කණ්ඩායම විසින් අත්සන් 40000ක් ලබා ගැනීමේ පෙත්සම අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ලබා දී තිබෙනවා.

මෙහි දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල, රෝහිනී කවිරත්න සේම සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද මෙම පෙත්සම සඳහා අත්සන් කර ඇති බව සඳහන්.

මීට පෙර ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මෙම කණ්ඩායම කටයුතු කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes