රුපියල් ලක්ෂ 32කට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින්, අයිස් සහ මත්පෙති තොගයක් සමඟ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකය II ට අනුයුක්ත නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
වැල්ලම්පිටිය පොලිස් වසමේ උමගිලිය මහජන ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි ජල ටැංකිය අසලදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි සැකකරු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය: ග්‍රෑම් 120 යි මිලිග්‍රෑම් 710 ක්, හෙරොයින්: ග්‍රෑම් 112 ක් සහ ඩාන්සින් මත්පෙති 25 ක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව, දහම්පුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
Latest News
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
10 July 2026
රන් ගිනි අවි නඩුව අදත් පත්තු වෙයි දුමින්ද දිසානායකට අධි චෝදනා සූදානම්
Local
10 July 2026
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
10 July 2026
රුපියලට කෙටි හුස්මක්
Local
10 July 2026
තේ කඩයක්වත් කරලා නෑ කියපු අනුර අවුරුදු 02න් බංකොලොත් රට ගොඩදැම්මා - කොට්ටහච්චි
Local
10 July 2026
කුරුඳු මිල රුපියල් 5000ත් පනී
Local
10 July 2026
''බේරේ වැව බරපතල විදිහට දූෂණය වෙලා බේරේ වැව පිරිසිදු කරන වගකීම රජයට විතරක් භාර දෙන්න බෑ'' - නි. ඇමති එරංග ගුණසේකර
Local
10 July 2026
හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 17 වනදා කැඳවීමට නියෝග
Local
10 July 2026