General09 July 2026

ගෙවුණු පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1300ක්

ගෙවුණු පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1300ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසා සිටියේ මේ වන විට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65034ක් ලෙසින් වාර්තා වෙන බවයි.

ඩෙංගුවලට ගොඳුරු වූ ජීවිත ගණන 42ක්.

වැඩ බලන අධ්‍යක්ෂවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

ඩෙංගු ක්‍රියාන්විතයේ හතරවෙනි දවස අද. ප්‍රදේශ විශාල සංඛ්‍යාවක කණ්ඩායම් ආවරණය කරලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 23ක.
එහෙත් කළුතර ගම්පහ, කොළඹ, ප්‍රදේශ ගණනාවකට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. නීතිමය ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. තවදුරටත් ක්‍රියාන්විතය ක්‍රියාත්මක වෙනවා. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, බෝවන ස්ථාන හඳුනාගෙන, ඒවා මැඩලීමට කටයුතු කරන්න.''
Related recommendation
Hiru TV News | Programmes