General10 July 2026

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය හෙට (11) පෙරවරු 11.00 දක්වා බලාත්මකයි.

ඒ අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 40ත් 50ත් දක්වා ඉහළ යා හැකියි.

ඒ අනුව, මේ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දොර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes