වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් T-56 ගිනි අවිය සම්බන්ධව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ නඩුව අද (10) ගල්කිස්ස අධිකරණයේ අංක එක උසාවියේදී වැඩ බලන මහේස්ත්‍රාත් රවී මතුගම ඉදිරියේදී කැඳවනු ලැබුවා.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ පවසා සිටියේ, විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත මුල් අවස්ථාවේදී තමන් විසින් උදෘත ගොනුකිරීමක් සිදුකළ බවත් එහිදී උපදෙස් ලබාදීමට පෙර හතර වන සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි නොමැති හෙයින් ප්‍රමාණවත් සාක්ෂි නොවන බවට අධිකරණය විසින් තීරණය කර හතරවන සැකකරු නිදහස් කරන ලද බවයි.
අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් මත පලවන සැකකාරියගෙන් වැඩිදුර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලද බවයි.
ඒ අනුව අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම ප්‍රකාශ නීතිපතිවරයා වෙත යොමු කළ අතර එහිදී නීතිපතිවරයා විසින් පළවන සැකකාරිය මෙම නඩුවෙන් නිදහස් කිරීමට උපදෙස් ලබාදී තිබුණා.
තවද හතරවන සැකකරු නැවත නඩුවට ඇතුළත් කිරීම සඳහා උපදෙස් ලබාදීමක්ද සිදුකරනු ලැබුවා.
මුල් අවස්ථාවේදී ගිනි අවියක් බැහැර කිරීමේ චෝදනාව යටතේ සිව්වන සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර තිබුණා.
පසුව උපදෙස් ලබාදීමක් සිදු කරන්නේ දෙවන සැකකාරිය සන්තකයේ ගිනි අවිය තබා ගැනීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් පසුගිය අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව අධිකරණය විසින් දුමින්ද දිසානායක යන අයව නැවත සැකකරුවෙකු ලෙසට නම් කර තිබෙනවා.
තවද නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන අවසන්කර ගොනු යොමු කිරීමක් සිදු කර ඇති අතර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන බවට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
වැඩිදුර උපදෙස් ලබා මේ පිළිබඳ වාර්තා කිරීමට දිනයක් ලබා දෙන ලෙසටද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දුමින්ද දිසානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයේ පෙනී සිටිය අතර ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායකට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති වීම හේතුවෙන් පසුගිය වර්ෂයේ ජූලි 29 වන දින මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු නිදහස් කළ බවත් මේ සම්බන්ධයෙන් තමන් මහාධිකරණයේදී අභියෝගාත්මක කරුණු දැක්වීමක් සිදුකරන බවත් පවසා සිටියා.
ඒ අනුව සැකකාර දුමින්ද දිසානායක රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
නීතිපති උපදෙස් සඳහා නැවත මෙම නඩුව දෙසැම්බර් මස 11 වන දින කැඳවීමට නියමිතයි.

Latest News
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
10 July 2026
රන් ගිනි අවි නඩුව අදත් පත්තු වෙයි දුමින්ද දිසානායකට අධි චෝදනා සූදානම්
Local
10 July 2026
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
10 July 2026
රුපියලට කෙටි හුස්මක්
Local
10 July 2026
තේ කඩයක්වත් කරලා නෑ කියපු අනුර අවුරුදු 02න් බංකොලොත් රට ගොඩදැම්මා - කොට්ටහච්චි
Local
10 July 2026
කුරුඳු මිල රුපියල් 5000ත් පනී
Local
10 July 2026
''බේරේ වැව බරපතල විදිහට දූෂණය වෙලා බේරේ වැව පිරිසිදු කරන වගකීම රජයට විතරක් භාර දෙන්න බෑ'' - නි. ඇමති එරංග ගුණසේකර
Local
10 July 2026
හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 17 වනදා කැඳවීමට නියෝග
Local
10 July 2026