General10 July 2026

පුටින් සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

රුසියානු - යුක්රේන යුද්ධය සමගාමීව සිදුකෙරෙන සාම සාකච්ඡා සඳහා වන ඉල්ලීම් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම ප්‍රයත්නයන් නොතකා රුසියානු ජනාධිපතිවරයා යුද්ධය තීව්‍ර කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.‍

යුක්රේනය විසින් රුසියාවේ තෙල් පිරිපහදු සහ වරායන් වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, අඛණ්ඩව යුද්ධය සිදු කිරීමට පුටින් තීරණය කර ඇති බව සඳහන්.

Related recommendation
Hiru TV News | Programmes