රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි දැවැන්ත මුදලක් විදේශ රටවලට යැවු බව කියන සිද්ධියට අදාලව මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවෙකු වන ජිෆ්රි මොහොමඩ් නමැත්තා ලබන 23 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(9) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
වසර කිහිපයක් තිස්සේ මෙරට ජාතික ධනය විදේශයන්ට ඇද දැමු මෙරට ඉතිහාසයේ විශාලතම සහ ප්‍රධානතම කළු සල්ලි ජාවාරම්කරුවෙකු බව කියන ජිෆ්රි මොහොමඩ් නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
සිද්ධියට අදාල සැකකරු සම්බන්ධයෙන් 54(ආ) වගන්තිය යටතේ සැකකරුට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩන වර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.
සිද්ධියට අදාලව අධිකරණයට කරුණු දක්වමින් මූල්‍ය විමර්ශන කොට්ඨාසය සදහන් කර සිටියේ මෙම සැකකරු විසින් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ පමණක් නීතිවිරෝධී අයුරින් විදේශ රටවලට යවා ඇති මුදල රුපියල් කෝටි විසි එක්දහසකට (රු. කෝටි 21,000) අධික බවයි.
එය අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි දැවැන්ත මුදලක් වන අතර මෙමඟින් මෙරට ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවන බවයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට පවසා සිටියේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය "A.Y ඉන්වෙස්ට්මන්ට්" නැමැති ආයතනය වටලා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ
එහිදී ජිෆ්රි මොහොමඩ් නැමැති පුද්ගලයෙකු අදාළ ආයතනයේ අධ්යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම සූක්ෂ්ම ජාවාරම මෙහෙයවා ඇති බවයි.
මීගමුවේ පිහිටි නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී ඉකුත් (19) දින මොහුව අත්අඩංගුවට ගෙන අද දක්වා රැදවුම් නියෝග ලබා ගෙන තිබුණා.
අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී පවා රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් ඔහු සතුව තිබී ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ.
රටින් බැහැර වන මුදල්වලට භාණ්ඩ මෙරටට ආනයනය නොවීම පිළිබඳව රේගු නිලධාරීන්ට මතු වූ සාධාරණ සැකය මත පොලිස්පතිතුමා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙහි විමර්ශන කටයුතු සිදු කරනු ලබන බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන් උපයාගන්නා කළු සල්ලි විදේශගත කිරීමටත්, කොළඹ ප්‍රධාන පෙළේ භාණ්ඩ ආනයනකරුවන් රජයට බදු පැහැර හරිමින් කූට ලෙස ඩොලර් පිටරට යැවීමටත් මෙම පුද්ගලයාගේ සහය ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.
මෙම ජාවාරම සඟවා ගැනීම සඳහා සැකකරු විසින් සාක්ෂරතාවය අඩු, අසරණ පුද්ගලයන් 36 දෙනෙකුගේ නමින් ව්‍යාජ ලෙස බැංකු ගිණුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඇතැම් බැංකු නිලධාරීන් සහ ඇතැම් ආයතනවලද ආධාර අනුබල ලැබී ඇති බවයි මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ.
මෙම සිද්ධියට අදාලව බැංකු නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් තිබේනම් ඔවුන් සම්බන්ධයෙන් නිතීමය පියවර ගැනීමට කටයුතු කරන බවද මුල්‍ය අපරාධ කොට්ඨාශය පවසා සිටියා.

Latest News
ජනප්‍රිය ගායනශිල්පී බොනී ටයිලර් අභාවප්‍රාප්ත වෙයි
Local
09 July 2026
විමල් ගේ "නැත්ත වෙනුවට ඇත්ත" ට එරෙහි වාරණය ඉවතට - ටිල්වින්ට මිලියනයක වන්දියක්
Local
09 July 2026
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියගේ ජංගම දුරකතනය CIDයට ලබා දෙන්න නියෝග
Local
09 July 2026
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් වංචා කළ පුද්ගලයා යළිත් රිමාන්ඩ්
Local
09 July 2026
බාවි තායිවානයට - අවදානයෙන් සිටින්නැයි උපදෙස්
Local
09 July 2026
ගෙවුණු සතිය තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 50කට ලක්ෂ හයක දඩ
Local
09 July 2026
''ගොවි ජනතාව අන්ත අසරණයි- ආණ්ඩුව දෙන්නේ පැලැස්තර විසඳුම්'' - මන්ත්‍රී රෝහණ බණ්ඩාර
Local
09 July 2026
නුවරඑළිය භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු, හිටපු OIC ඇතුළු සිව්දෙනා 16 දක්වා යළි රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරය රැඳවියන්ට නුසුදුසු බව බන්ධනාගාර පරිපාලනය තීරණය කරයි
Local
09 July 2026
ඉන්දුනීසියාවට බ්‍රාමෝස් සහ ඇස්ට්‍රා මිසයිල සැපයීමට ඉන්දියාව සැරසෙයි: ඩොලර් මිලියන 630ක දැවැන්ත ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්
Local
09 July 2026