General09 July 2026

කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියගේ ජංගම දුරකතනය CIDයට ලබා දෙන්න නියෝග

කොළඹ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියගේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (9) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරියගේ ජංගම දුරකථනය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

තවද ඊයේ දින ඇප මත මුදා හරිනු ලැබූ මෙම සැකකාරියගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියා.

සැකකාරිය ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප 2ක් මත මුදා හැරිිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරන ලෙස ද ඊයේ (8) නියෝග කළා .

මෙම සිද්ධියට අදාලව එම කාර්යාලයේ සේවය කරන ලද අනෙක් සාක්ෂිකරුවන්ගේ බැංකු වර්තා සහ දුරකථන වර්තා සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයයට වර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම ද මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක දෙක වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය වශයෙන් සිට එම කාර්යාලයේ පත්තිරු, වෙළුම්, ඔප්පුවල දෙවන පිටපත්වල, වෙළුම්වල බැඳ ඇති ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබලදීම කුමන්ත්‍රණය, නීත්‍යානුකූල අයිතිකරුවන්ගෙන් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට එකී ඉඩම් බැහැර කිරීම සිදුකර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 109,113 සමග කියවිය යුතු 113 (ආ) 158 දරන වගන්ති ප්‍රකාරව වැරැදි සිදු කිරීම හා පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනත ප්‍රකාර වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කළ බවයි විමර්ශන නිලධාරීන් දන්වා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක දෙක විමර්ශන පවත්වනු ලබන බවයි අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධියට අදාල නඩුව ඔක්තෝබර් 22 යළි කැඳවිමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes