හැටන්, කොටගල නගරයේ තොග වෙළඳසැලක තිබී සොයාගත් පරිභෝජනයට නුසුදුසු, ගුල්ලන් සහිත කහ පරිප්පු කිලෝග්‍රෑම් 1740ක තොගයක් භූමිතෙල් ඉස විනාශ කරන ලෙස හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් අද (09) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළා.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කොටගල නගරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී, එහි තිබූ ගබඩාවක සඟවා තිබියදී මෙම පරිප්පු තොගය සොයාගෙන සිය භාරයට ගෙන තිබුණා.
එසේ අත්අඩංගුවට ගත් පරිප්පු තොගය අද (09) දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ පරිප්පු තොගයේ අයිතිකරු තමන් වරදකරු බව පිළිගත් අතර, ඒ අනුව සැකකාර වෙළෙන්දාට රුපියල් 2000ක දඩයක් ගෙවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙසේ විනාශ කරන ලද පරිප්පු තොගයේ සමස්ත වෙළඳපොළ වටිනාකම රුපියල් පන්ලක්ෂ විසිදෙදහසක් (රු. 5,22,000) වන බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළා.
Latest News
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන්: 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්
Local
09 July 2026
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
Local
09 July 2026
ඉන්දියාවේ ආයෝජනයට ඔස්ට්‍රේලියාවට ඇරයුම්
Local
09 July 2026
තැඹිලි ලහිරුගේ ගෙට ගිනි තැබීම ගැන පොලිස් පරීක්ෂණයක්
Local
09 July 2026
යෝෂිතගේ නඩුවට සාක්ෂි දෙන්න යසාරා අබේනායක උසාවියට
Local
09 July 2026
ගෝඨාභයයේ පෙත්සම ලබන 23 තෙක් කල් තැබෙයි
Local
09 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 130.78 කින් පහළට
Local
09 July 2026
ගෙවුණු මාසය තුළ ඩෙංගු නඩු 634ක් : එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ
Local
09 July 2026